Welcome to Visira Radio

No. 397/E, Ganemulla, Welipillawa.

Call Us

+94 70 320 8810

Opening Time

Mon-Fri: 8.00-17.00

ස්පොන්ජ් බොබ් ස්කුආර් පැන්ට්ස් කාටූන් චරිතයෙන් අපට ලබාගත හැකි ජීවන පාඩම්

අප අතර සිටින බොහෝ දෙනෙක් තමන් වීමට බිය වෙනවා. ඒ නිසා බොහෝ විට අපි අපේ සිහින පසුපස හඹා යාම අතරමැදදී අත්හරිනවා. අපත් ස්පොන්ජ්බොබ් ලෙස සිතනවා නම් මේ ලෝකය වඩාත් සුන්දර වේවි. ජීවිතය වඩාත් ප්රීතියෙන් ගෙවීමට ස්පොන්ජ් බොබ් ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම් හතරක් 1. නිරන්තරයෙන්ම සුභවාදී වන්න. ඔහු සෑම විටම ඕනෑම තත්වයක ඇති හොඳම දකිනවා. ඔබේ චින්තනය ඇත්තෙන්ම ඔබේ යථාර්ථය හැඩ ගස්වනවා. ස්පොන්ජ් බොබ් හොඳම දේ සොයන නිසා, ඔහු එය කෙසේ හෝ ලබා ගන්නවා. 2. මිනිසුන් අගය කරන්න. මිත්රත්වය යනු කුමක්දැයි ස්පොන්ජ්බොබ් වටහා ගෙන තියෙනවා. ඔහු බිකිනි බොටම් වල වෙසෙන ඔහුගේ මිතුරන්ට, නිතරම කරදර කරන ස්කුයිඩ්වර්ඩ්ට පවා ආදරෙයි. ගෞරවය දැක්වීම වගේම, මිනිසුන්ට මුල් තැන දීම, ශක්තිමත් සබඳතා ඇති කරගැනීම සඳහා වැදගත්ම අංග දෙකක් බව ස්පොන්ජ් බොබ් වටහාගෙන තියෙනවා. 3. මුල් පිටපතක් වන්න. ස්පොන්ජ්බොබ් කියන්නේ එක්තරා ආකාරයක මුල් පිටපතක්. අප අතර සිටින බොහෝ දෙනෙක් තමන් වීමට බිය වෙනවා. ඒ නිසා බොහෝ විට අපි අපේ සිහින පසුපස හඹා යාම අතරමැදදී අත්හරිනවා. එය ඛේදනීයයි. සැමවිටම ඔබ ඔබම වීමට සහ ශ්රේෂ්ඨතම වීමට ධෛර්යය වන්න. "ඔබ ඔබටම සත්ය වන්න" ෂේක්ස්පියර් සදහන් කරලා තියෙනවා. බර්ක්ශෙයා හාර්ත්අවේ හි සභාපති වොරන් බෆට් වරක් මෙසේ පැවසුවා "ඔයාල දෙන්නෙක් ඉන්න බෑ." 4. නිතරම සිනහාවෙන්න විනෝද වෙන්න. ජීවිතය දුකයි කිසිම සාර්ථකත්වයක් නැහැ කියා සිතීමේ කිසිම තේරුමක් නැහැ. ඔව්, කඳු මුදුනට ළඟා වන්න. නමුත් කඳු නැගීමද විඳින්න. ජීවිතය කිසිවිටක පීඩාවක් වන්නේ නැත. එය සැමවිට චමත්කාරයක්. එබැවින් ඔබ ඔබේ වඩාත්ම ආදරණීය සිහින හඹා ගොස් ජය ගෙන මහත් ආශ්වාදයක් ලබා ගන්න. රොබින් ෂර්මා ගෙ 'ද ග්රෙට්නස් ගයිඩ් ' කෘතියෙන්

#