කෝමාරිකා davidwolfe.com උද්භිද විද්‍යාත්මක නාමය – Aloe Barbadensis Mill කෝමාරිකා රුපලාවණ්යය සඳහා යොදාගන්නා ඖෂධයක් වශයෙන් බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වී ඇත. කෙටි ඝනකමකින් හා පැතලි කඳකින් යුක්ත වසර ගණනාවක් පවතින පැළෑටියක් ලෙස මෙය හඳුනාගෙන ඇත. මෙහි පත්‍ර වල නාරටියක් නොමැත. පත්‍ර නිල හරිත පැහැයක් ගන්නා අතර සුදු පැහැ ලප සහිත වේ. පත්‍ර දාරයේ දෙපස දිගටම කටු ඇත. වියළි කාලයේදී මේවායේ මල් හට ගනී. මේවා විශේෂයෙන් වියළි කලාපයේ දක්නට හැකි වුවත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැක. ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා • පිළිස්සුම් තුවාල සඳහා කෝමාරිකා මදය භාවිත කරයි. • ඇස් වලින් කබ හා කදුළු ගලන විට කෝමාරිකා මද අරළු කුඩු හා ම්ශ්ර කර භාවිතයට ගනී. • ඇස් යට වේදනාව සඳහා කෝමාරිකා මද භාවිත කරයි • හිසකෙස් සේදීමට යොදාගන්නා ෂැම්පු සෑදීමට යොදාගනී