Welcome to Visira Radio

No. 397/E, Ganemulla, Welipillawa.

Call Us

+94 70 320 8810

Opening Time

Mon-Fri: 8.00-17.00

දිවිය සුරකින විටමින් D

හිරු එළියෙන් ලැබෙන විටමින් D අවධානමකින් තොරව අවශ්‍ය පමණ සිරුරට ලබා ගන්නේ කෙසේද? විටමින් D ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයන් පහසුවෙන්ම ඔස්ටියෝපොරෝසිස්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හා පිළිකා රෝගයන්ට ගොදුරු වන බව නවීන විද්‍යා පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා. හිරු එළියෙන් ලැබෙන විටමින් ප්‍රමාණය අවශ්‍ය පරිදි ශරීරයට නොලැබෙන, වැඩුණු පුද්ගලයන් තරුණ අවධියේදී මිය යාමට ඇති ප්‍රවණතාවය 26% ඉක්මවන බව ඇල්බට්‍ අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ සහකාර වෛද්‍ය විද්‍යා පර්යේෂණ මහාචාර්ය වෛද්‍ය මයිකල් මෙලමෙඩ්‍ ( researcher Dr. Michal Melamed, an Assistant Professor of Medicine at Albert Einstein College of Medicine) විසින් සොයාගෙන තියෙනවා. ඔහු පවසන පරිදි වැඩිහිටි පුද්ගලයන් 13000 ක් යොදා ගනිමින් වසර 12 ක් මුළුල්ලේ කරන ලද පර්යේෂණ වලට අනුව මියගිය එකදු පුද්ගලයකු තුලින් හෝ මරණයට පාදක වූ කිසිදු විශේෂ හේතුවක් සොයා ගැනීමට අපොහොසත් වී ඇත. මේ අනුව, විටමින් D ඌනතාවය ශරීර සෞඛ්‍ය කෙරෙහි ඉතා ප්‍රබල බලපෑමක් ඇති කරන බවත් එයින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවත් සොයාගෙන තියෙනවා. ඔබ දිනකට කොපමණ ‍ෙව්‍ලාවක් හිරු එළියෙහි ගත කළ යුතු ද? දිනකට අප ශරීරයට අවශ්‍ය විටමින් D ප්‍රමාණය ලබා ගැනීමට නම්‍ කොපමණ ‍ෙව්‍ලාවක් අව්‍ රශ්මියට සිරුර නිරාවරණය කළ යුතුදැයි යන කාරණය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර පවතින්නේ ව්‍යාකූලත්වයක්. කෙසේ වුවත්, වෛද්‍ය මතයට අනුව දිනකට අවශ්‍ය විටමින් D ප්‍රමාණය ලබා ගැනීමට නම්‍ ඒ සඳහා වැඩි ‍ෙව්ලාවක් හිරු එළියේ ගත කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එක් එක් සිරුරට දිනකට අවශ්‍ය පාරජම්‍බුල ආලෝකය (UV light) විවිධ ප්‍රමාණයෙන් වෙන‍ස්‍ ‍වන නමුත්, සාමාන්‍යයෙන් ගත් කළ පැහැපත් සමක් සහිත පුද්ගලයෙකු දිනකට විනාඩි 6 ක් හෝ 8 ක් බැගින් සතියකට දින 4 ක් හෝ 6 ක් හිරු එළියෙහි ගත කළ යුතු වෙනවා. ඔස්ටියෝපොරෝසිස් ඔස්ට්‍රෙලියා පදනම (Osteoporosis Australia) සඳහන් කරන ආකාරයට සිරුර හිරු එළියට නිරාවරණය කළ යුත්තේ උදෑසන 10.00 ට පෙර හෝ සවස 2.00 ට පසුවය. මෙම කාල ‍ෙව්‍ලාවන් තුළ තම මුහුණ, දෙනෙත්, හා බාහු මත හොඳින් හිරු එළිය පතිත වන සේ ඒවා හිරු එළියට නිරාවරණය කළ යුතු වෙනවා. කෙසේ වුවත්, එම ‍ෙව්‍ලාවන් තුළ වුවද සම රත් පැහැයට පත් වන තුරු හිරු එළි‍ෙය් නොසිටිය යුතු අතර දැඩි හිරු රශ්මිය පතිත වන මධ්‍යහ්න කාලය තුළ ද ආවරණය නොකරන ලද සිරුර මත හිරු එළි‍ය ඍජුවම පතිත වීම වැලැක්වීමට වග බලා ගැනීම බුද්ධිගෝචර වෙනවා. අඳුරු වර්ණ සමක් සහිත පුද්ගලයන් දිනකට විනාඩි 15 ක් පමණ හිරු එළි‍‍ෙය් ගත කිරීම සුදුසු බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා. මේ අතර, ආගමික හෝ සංස්කෘතික පසුබිම මත සිරුර මුළුමනින්ම ආවරණය වන පරිදි ඇඳුම්‍ අඳින පුද්ගලයන්, නිරන්තරව නිවෙස් තුළ රැ‍ෙඳන පුද්ගලයන්, වියපත් පුද්ගලයන්, හා අඳුරු වර්ණ සමකට හිමිකම්‍ කියන පුද්ගලයන්ට විටමින් D ඌනතා ඇති වී‍ෙම්‍ අවධානමක් ඇති බව වැඩිදුරටත් වෛද්‍ය පර්යේෂණ තුළින් ‍ෙම් වන විට සොයා ‍ෙගන තියෙනවා. අස්ථි හා විටමින් D අතර ඇති සබඳතාවය සිරුරට කැල්සියම්‍ උරා ගැනී‍ෙම් ශක්තිය වැඩි කිරීමට විටමින් D උපකාරී වන නිසා විටමින් D ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයන් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වී‍ෙම වැඩි අවධානමක් උසුලනවා. සිරුරෙහි අස්ථි බිඳීයා‍ෙම්‍ රෝගයට (brittle bones disease) ගොදුරු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම ‍ෙම් වන විට ලෝකය පුරා මුහුණ දෙන විශාල සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වී තියෙනවා. 2050 වසර වන විට ලෝක‍ෙය් ඔස්ටියෝපොරෝසිස් රෝගීන් අතර උකුල් ඇට කැඩී යා‍ෙම් රෝගී තත්ත්වයට (Osteoporotic hip fracture) ගොදුරු වන රෝගීන්ගෙන් 50% ක් පමණ ආසියාතිකයන් වන බව වෛද්‍ය මතයයි. * හිරු එළිය විටමින් D සපයන ප්‍රධාන මූලාශ්‍රයයි. ආහාර වර්ග අතුරින් මාළු, මාළු අක්මාව, හා මාළු බිත්තර වලින් විටමින් D බහුලව සපයනවා. ඖෂධයක් වශයෙන් ද මෙම විටමිනය බාහිරව සිරුරට ලබා ගත හැකියි. සිරුරට ලැබෙන විටමින් D ප්‍රමාණය දින 30 – 60 ක් දක්වා ශරීරය තුළ රඳවා තබා ගැනීමට පුද්ගලයෙකුට හැකියාව පවතිනවා. ඉනෝකා ශිරන්ති Reader’s Digest ඇසුරිනි

#